වියට්නාමයෙ ඉඩම් අයිතිවාසිකම් පිළිබඳ ආරවුලක් හේතුවෙන් ඇති වූ ගැටුම්වලින් මියගිය වියට්නාම පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ අවමංගල කටයුතු පසුගියදා හැනෝයි අගනුවරදී සිදුවිය.
ඔවුන්ගේ මරණ සිදුව තිබුණේ පසුගිය සතියේ අගනුවර අසල ගමක සිදු වූ දැවැන්ත ආරක්ෂක මෙහෙයුමකදීය. ප්රාදේශීය නායකයෙකුද මෙම ගැටුම්වලින් මිය ගියේය.
ගම්වාසීන් වසර ගණනාවක් පුරා තම භූමියේ ගුවන් තොටුපලක් ඉදිකිරීමට හමුදාව ගත් උත්සාහයන්ට විරුද්ධව මෙම ආරවුල් ඇති කරගනු ලැබිණි.
ඉඩම් ආරවුල් වියට්නාමයේ සුලභ වන නමුත්, මෙවැනි ගැටුමක් දක්වා ඒවා වර්ධනය වීම කලාතුරකින් සිදුවන්නකි.
ජනප්රිය ප්රාදේශීය නායක 84 හැවිරිදි ලී ඩින් කිංගේ මෙම ගැටුම්වලින් මියයෑම සහ ඔහුගේ මරණය සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් නොලැබීම සම්බන්ධයෙන් ජනතාව කෝපවී සිටි බව විදෙස් වාර්තා පවසයි.
ප්රදේශවාසීන් පවසන්නේ පොලීසිය අධික ලෙස බලය යෙදීම මෙම මරණයට හේතුව බවයි.