ඉංග්‍රීසි කෝඩයේදී ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය ධීවරයන් අතර ගැටුමක් ඇති වී තිබෙන අතර, ප්‍රංශ ධීවරයන් ගල්මුල් සහ දුම් බෝම්බවලින් බ්‍රිතාන්‍ය ධීවරයන් වෙත පහරදීමක් සිදුකර තිබේ.
නෝමන්ඩි වෙරළේ සිට නාවුක සැතපුම් 12ක් (කි.මී.22ක්) පමණ ගැඹුරු මුහුදේදී මෙම ගැටුම සිදුව ඇති බව වාර්තා වෙයි.
විශාල මත්ස්‍ය සම්පතකින් හෙබි මෙම ප්‍රදේශය තුළ බ්‍රිතාන්‍ය ධීවර බෝට්ටු රැසක් පැවතී ඇති අතර, මේ අවස්ථාවේදී පැමිණි ප්‍රංශ බෝට්ටු විසින් බ්‍රිතාන්‍ය ධීවරයන්ට බැණ වදිමින් ඔවුන් ආත්මාර්ථකාමී ලෙස සියලු මත්ස්‍ය සම්පත සොරා ගන්නා බව පවසා තිබේ.
මේ තත්ත්වය තුළ බ්‍රිතාන්‍ය ධීවරයන් රජයේ ආරක්ෂාව තම ධීවර කටයුතු වෙනුවෙන් ඉල්ලා ඇති අතර, ප්‍රංශය රජයද මෙම සිදුවීම සම්බන්ධයෙන් මැදිහත් වී ඇති බව වාර්තා වෙයි.