ඇෆ්ගනිස්තානයේ, හෙල්මන්ඩ් පළාතේ මල්ලවපොර තරගයක් වෙත කඩා වැදුණු මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරකයෙකු නිසා පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා තිබේ.
එම පළාතේ අගනගරය ලෙස සැලකෙන ලඛාර් ගාහ් හි ඝාසි මුහම්මද් අයූබ් ඛාන් ක්‍රීඩාංගණයේ පැවති මල්ලවපොර තරගයක් අතරතුර මෙම පිපිරීම සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
ක්‍රීඩාංගණය පිටත සිට ක්‍රීඩාංගණය තුළට මෙම මෝටර් රථය හිතාමතා ඇතුළු වී ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
ක්‍රීඩා තරගය අවසන් වී ක්‍රීඩාංගණයේ පිවිසුම් දොරටුවක් වෙතින් නරඹන්නන් යළි නිවෙස් බලා යන අතරතුර මෙම ප්‍රහාරය එල්ල වී ඇත.
ඇෆ්ගනිස්තානයේ ආරක්ෂක අංශ හා සිවිල් වැසියන් ඉලක්ක කරමින් පසුගිය කාලය පුරාවට දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් විය.
මෙම ප්‍රහාර රැසක වගකීම ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් භාරගත්තද, මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු විසින් භාරගෙන නොතිබුණි.