ඊසානදිග ඇෆ්ගනිස්ථානයේදී බිම් බෝම්බයකට හසුවීමෙන් පාසල් දරුවන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය දරුවන් අතර පිරිමි දරුවන් 8 දෙනෙකු සහ එක් ගැහැණු දරුවෙකු වන බවත් ඔවුන් වයස අවුරුදු 7 සිට 10 දක්වා වයස්වල වූවන් බවත් කියයි.
ත්රස්තවාදීන් අටවා තිබූ මෙම බෝම්බයට දරුවන් පය තබා ඇති අතර, මෙතෙක් මෙම ප්‍රහාරයේ වගකීම කිසිවෙකු විසින් භාරගෙන නැත.
පසුගිය සැප්තැම්බරය අවසානයේ සිට මේ දක්වා ගැටුම්වලින් ඇෆ්ගනිස්ථානය තුළ සාමාන්‍ය වැසියන් 1,174 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවන්ට අනුව එම කාලය තුළ තවත් 3,000කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.