ඇෆ්නිස්ථානයේ, කාබුල් නුවර ඉස්ලාමිය ඊද් උත්සවයේ සමාරම්භය ජනාධිපතිවරයා විසින් සනිටුහන් කරන අවස්ථාවේදී ඉස්ලාමීය අන්තවාදීන් විසින් මෝටර් ප්රහාරයක් එල්ල කර තිබේ.
ඊද් අල්-අදාහ් උත්සවය නිමිති කරගෙන ජනාධිපති අෂ්රෆ් ඝානි රූපවාහිනිය හරහා සජීවීව කතා කරන අවස්ථාවේදී ජනාධිපති මන්දිරය අසලින්ම දැවැන්ත පිපිරුම් හඬක් නැගුණු බව විදෙස් වාර්තා පවසයි.
එහිදී, තලේබාන් ත්රස්තවාදීන් රැඳී සිටින්නට ඇතැයි සැකකෙරුණු ගොඩනැගිල්ලක් වෙත ප්රහාරක හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් ප්රහාරයක් එල්ල කර තිබේ.
ඊද් ආගමික උත්සවය වෙනුවෙන් ජනාධිපතිවරයා ඉල්ලා සිටි සටන් විරාමය තලේබාන් ත්රස්තයන් විසින් ප්රතික්ෂේප කරන ලදී.
කෙසේ වෙතත්, මෙම ප්රහාරයෙන් පසුව පළාතේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති අතර, මෙම ප්රහාරයේදී කොපමණ මෝටර් ප්රමාණයක් එල්ල වූයේද යන්න පැහැදිලි නොමැති බවද විදෙස් වාර්තා පවසයි.
මින් පැය කිහිපයකට පසුව ඇෆ්ගන් ආරක්ෂක අංශ පවසා සිටියේ ප්රහාරයට සම්බන්ධ වූ සියලු ත්රස්තවාදීන් මරා දැමුණු බවයි.
මෙම ප්රහාරයෙන් පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් දෙදෙනෙකු ආරක්ෂක අංශ සාමාජිකයන් බව සඳහන් වෙයි.