ඇෆ්ගනිස්තානයේදී මෙතෙක් වැඩිම සිවිල් වැසියන් පිරිසක් ඝාතනයට ලක්ව ඇති වර්ෂය පසුගිය 2018 වසර බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම වාර්තාවක් අනාවරණය කරයි.
ඒ අනුව, 2018 දී පුද්ගලයන් 3,804ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් 927 දෙනෙකු කුඩා දරුවන් බව සඳහන් වෙයි.
දශකයකට අධික කාලයක් ඇදී යන ඇෆ්ගනිස්ථානයේ සිවිල් යුද්ධය හේතුවෙන් වාර්තා වූ ඉහළම සිවිල් මරණ සංඛ්‍යාව මෙයයි.
9/11 ප්‍රහාරයෙන් පසුව ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනය පෙරළා දැමීම සඳහා වර්ෂ 2001 දී ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ සන්ධානය ඇෆ්ගන් යුද්ධය ඇරඹීය.
ගැටුම් නිරාකරණය කරගැනීම සඳහා තලේබාන් නියෝජිතයන් සමග දෙවැනි වටයේ සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතව තිබියදී මෙම වාර්තාව කරළියට පැමිණ ඇත.
ඒ අනුව, ඇමෙරිකාවේ විශේෂ නියෝජිත සල්මේ ඛාලිසාද් හෙට (25දා) කටාර් රාජ්‍යයේදී තලේබාන් නියොජිතයන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතව සිටී.