නැගෙනහිර ඇෆ්ගනිස්තානයේදී ඊයේ (27දා) කඩා වැටී අනතුරට ලක්ව ඇත්තේ තම හමුදා යානයක් බව එක්සත් ජනපදය තහවුරු කරයි.
කර්නල් සොනී ලෙගට් පැවසුවේ අනතුරට හේතුව විමර්ශනය කරමින් පවතින බවයි. කෙසේ වෙතත් මෙය සතුරු ප්‍රහාරයකින් සිදුවූවක්ද යන්න මෙතෙක් තහවුරු නොවන බවද හෙතෙම කියයි.
කෙසේ වෙතත් මෙම ගුවන් යානය කඩා වැටී තිබුණේ ගස්නි පළාතේ ඩෙහක් දිස්ත්‍රික්කය වෙතය. එය තලේබාන් සංවිධානය ශක්තිමත් ප්රදේශයකි.
එමෙන්ම යානයේ කොපමණ පිරිසක් ගමන් කළේද යන්න මෙතෙක් පැහැදිලි නැතත්, යානය තම ප්‍රහාරයකින් බිම හෙලූ බව තලේබාන් සංවිධානය පවසා සිටියත් කර්නල් ලෙගට් එම අදහස ප්‍රතික්ෂේප කළේය.
තලේබාන් සමාජ මාධ්‍ය ගිණුම් මගින් එක්සත් ජනපද ගුවන් හමුදාවේ සලකුණු සහිතව පිළිස්සුණු ගුවන් යානයේ සුන්බුන් වැටී තිබෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් මුදාහැර තිබුණි.
වීඩියෝවේ දැක්වුණේ බොම්බාර්ඩියර් ඊ-11ඒ නමැති ඇෆ්ගනිස්ථානය හරහා විද්‍යුත් නිරීක්ෂණ සඳහා එක්සත් ජනපද ගුවන් හමුදාව භාවිත කරන ගුවන් යානයකි.
ඇෆ්ගනිස්ථාන බලධාරීන් මුලින් පවසා තිබුණේ අනතුරට ලක්වූ ගුවන් යානය රජය සතු ගුවන් සමාගමක් වන අරියානාට අයත් බවය. නමුත් එම ගුවන් සමාගම ඒ සමගම එය ප්‍රතික්ෂේප කළේය.