ඇස්ට්‍රාසෙනෙකා හි කොවිඩ්-19 මර්දන එන්නත අසාමාන්‍ය ලෙස රුධිර කැටි ගැසීමේ අවදානම වැඩි කළ හැකි බවට තවත් සාක්ෂි පවතින බව නෝර්වේ සහ ඩෙන්මාර්කයේ පර්යේෂකයෝ පවසති.
ඔවුන්ගේ අධ්‍යයනය, BMJ වෛද්‍ය සඟරාවේ ප්‍රකාශයට පත්කරමින් ඔවුන් මෙම අනාවරණය සිදුකර තිබේ.
පෙබරවාරි සහ මාර්තු මාසවලදී ඩෙන්මාර්කයේ සහ නෝර්වේහි ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 එන්නත පළමු වැනි මාත්‍රාව ලබාගත් වයස අවුරුදු 18-65 අතර පුද්ගලයින් 280,000කගේ වෛද්‍ය වාර්තා පර්යේෂණ කණ්ඩායම විසින් අධ්‍යයනය කර ඇත. දෙරටටම පුළුල් ජාතික වෛද්‍ය ලේඛනයක් ඇති අතර පර්යේෂකයන්ට ඔවුන්ගේ අධ්‍යයනවලදී වෛද්‍ය වාර්තා භාවිත කිරීම පහසු කර තිබේ.
පළමු වැනි එන්නත මාත්‍රාවක් ලබාගෙන දින 28ක් ඇතුළත මිනිසුන් අත්විඳින හෘදයාබාධ, ආඝාත සහ ලේ ගැලීම් ආදී වාර්තා ඔවුන් විසින් ඉවත් කරන ලද අතර, මේවා ඩෙන්මාර්කයේ සහ නෝර්වේහි එන්නත් ලබාගත් සාමාන්‍ය ජනගහනයේ අපේක්ෂිත අනුපාත සමග සැසඳී තිබේ.
කෙසේ වෙතත් එන්නත් කරන ලද පුද්ගලයින් 59 දෙනෙකුට නහරවල රුධිර කැටි ගැසීම් ඇති බව ඔවුන් සොයා ගෙන ඇති අතර, එහිදී ඔවුන් එම කාලය තුළ එම ජනගහනයෙන් බලාපොරොත්තු වී ඇත්තේ සිද්ධීන් 30ක් පමණි. ඒ අනුව මෙය එන්නත් 100,000කට අතිරික්ත සිදුවීම් 11කට සමාන වෙයි.
කෙසේ වෙතත්, ශිරා ත්රොම්බොම්බොලික් සිදුවීම්වල නිරපේක්ෂ අවදානම් කුඩා වූ අතර, සොයාගැනීම් අර්ථ නිරූපණය කළ යුත්තේ එන්නතෙන් ඇති වූ ප්‍රයෝජනවත් භාවයේ ප්‍රතිඵලවලට අනුව බවද ඔවුන් කියා තිබේ.
මේ අතර, නැගෙනහිර ඇන්ග්ලියා විශ්ව විද්‍යාලයේ ආචාර්ය පෝල් හන්ටර් අදහස් දක්වමින් කියා සිටියේ ඇස්ට්‍රාසෙනෙකා හෝ ජැන්සන් (ජොන්සන් ඇන්ඩ් ජොන්සන්) එන්නත ලබා ගැනීමට ජනතාව පසුබට නොවිය යුතු බවය.
"ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා හෝ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ලබා නොගෙන, තවත් එන්නතක් අපේක්ෂාවෙන් සිට, යම් කාලයකදී වඩාත් කැමති එන්නතක් ලබා ගැනීමට පෙර කොවිඩ්-19 ආසාදනය වී ඔබ මිය යාමේ සැබෑ අවදානමක් පවතිනවා. ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත් භාවිත කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් ඉහළ සම්ප්‍රේෂණ අනුපාතයක් ඇතිවිය හැකි බව, තමන්ගේම එන්නත් කිරීමේ වැඩසටහන් ප්‍රමාද කළ රටවල් දැන සිටිය යුතුයි. ඔවුන්ගේ තීරණය කොවිඩ්-19 වලින් වළක්වා ගත හැකි මරණ සංඛ්‍යාව ඉහළ යාමට හේතු වනු ඇති" පෝල් හන්ටර් පැවසීය.