ප්‍රංශයේ ඇල්ප්ස් කඳුකරය ආශ්‍රිතව සිදුවූ හිම කඳු කඩා වැටීමකින් පසුව විනාඩි 40ක කාලයක් ඊට යටවී සිටි 12 හැවිරිදි දරුවෙකු බේරාගෙන තිබේ.
මෙම දරුවා හිම කන්දට යටවීමත් සමග ප්‍රාදේශීය පොලීසියේ ආධාරයෙන්, සුනඛයන් යොදවා දරුවා සොයාගැනීමට සමත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, මෙම දරුවාගේ ජීවිතය බේරීම පුදුමය දනවන කරුණක් බව මෙම මෙහෙයුමට සම්බන්ධ වූ අයෙකු මාධ්‍යයට පවසා තිබේ.
සාමාන්‍යයෙන් හිම කන්දකට යටවීමෙන් විනාඩි 15කට පසුව එම පුද්ගලයාගේ ජීවිතය බේරාගැනීම අතිශය දුර්ලභ කරුණක් බව සඳහන් වෙයි.
මෙම දරුවාගේ පාදයේ සුළු අස්ථි බිඳීමක් පමණක් සිදුව ඇති අතර, පසුව ඔහු ප්‍රාදේශීය රෝහලකට ඇතුළත් කර තිබේ.