අතීතයේදී විරසකව සිටියත් අද ඇමෙරිකාව හා ජපානය යනු ගජ මිතුරන්ය. ඒ මිතුරුකම තවදුටරත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඇමෙරිකාව විසින් ජපානය වෙත තවත් යුද නෞකාවක් පරිත්‍යාග කරන්නට විය.
එහිදී, චීනයෙන් සහ උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන සැලකිල්ලට ගනිමින් ජපානයට ලබාදෙන හමුදා සහයෝගය වැඩිකිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව ඇමෙරිකාව කීය.
ජපානයේ රඳවා ඇති ඇමෙරිකානු නාවුක බල ඇණිය තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා 2017 වනවිට තවත් මිසයිල නාශක නෞකා දෙකක් ජපානය වෙත යවන බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් චක් හේගල් ටෝකියෝ නුවරදී පවසා සිටියේය.
චීනය වර්තමානයේ මහා බලවතකු වී ඇති බවත් එම බලය සමඟම වැඩි වගකීම් පැවරෙන බවත් පවසමින් චක් හේගල් චීනයට යම් අනතුරු ඇඟවීමේ සංඥාවක්ද නිකුත් කළ බව විදෙස් පුවත් සේවා පවසයි.
කෙසේ වෙතත් අසල්වැසි රටවලට ගරු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව චීන නායකයන් සමග සාකච්ඡා කරන බවද හෙතෙම වැඩිදුටරත් පවසා තිබේ.