ඇමෙරිකා එක්සත් ජනපදයේ පැරණිතම ගිනි අවි නිෂ්පාදකයා ලෙස සැලකෙන රෙමින්ග්ටන් අවුට්ඩෝ සමාගමේ අලෙවිය විශාල ලෙස අඩුවීමත් සමග එම සමාගම බංකොලොත් වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
මීට වසර 200කට පමණ පෙර ආරම්භ කර තිබූ මෙම ආයතනය මේ ආකාරයෙන් අධිකරණය හමුවට ගොස් සිය බංකොලොත් බව ප්‍රකාශයට පත් කරගෙන ඇත්තේ සිය ණයහිමියන්ගෙන් එල්ලවන පීඩනය වළක්වා ගැනීමට බවද කියැවෙයි.
සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරීවරයා පවසා සිටියේ මෙම බංකොලොත්බව ප්‍රකාශයට පත්වීමට වසර කිහිපයක පෙර සිටම සමාගමේ විකුණුම් ශීඝ්‍ර පහළ බැසීමකට ලක්වූ බවයි.
ඇමෙරිකාව තුළ දැඩි ගිනි අවි පාලනයක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන වටපිටාවක් තුළ මෙම සමාගමේ බංකොලොත්බවද ප්‍රකාශයට පත්වී ඇත.
විශේෂයෙන්ම පසුගිය පෙබරවාරි මාසයේදී ෆ්ලොරීඩා පාසලක සිදුවූ විවෘත වෙඩි තැබීම මූලික කරගනිමින්, දැඩි ගිනි අවි පාලන නීති ඉල්ලා පසුගිය සෙනසුරාදා දිනයේදී ඇමෙරිකාවේ නගර කිහිපයක දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් සංවිධානය විය.