ඇමසන් ලැව් ගින්නෙන් දැඩිව හානි වූ බ්‍රසීලයේ ප්‍රාන්ත නවයක ආණ්ඩුකාරවරු විසින් ජාත්‍යන්තර ආධාර භාරගන්නා ලෙසට ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ වෙතින් දැඩි ඉල්ලීමක් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
G7 රාජ්‍ය නායක සමුළුව අවසානයේදී ඇමසන් ලැව්ගිනි නිවා දැමීමේ පහසුකම් සැලසීම වෙනුවෙන් ඇ.ඩො.මිලියන 22ක මූල්‍යාධාරයක් බ්‍රසීලය වෙත පිරිනැමීමට යෝජනා වුවත්, බ්‍රසීල ජනපතිවරයා මෙම අරමුදල් මුලින් ප්‍රතික්ෂේප කළේය.
විශේෂයෙන්ම, මෙම ආධාරය පිළිබඳ දැනුම් දෙනු ලැබූ ප්‍රංශ ජනපති එමානුවෙන් මැක්රෝන් විසින් බ්‍රසීලය යුරෝපයේ යටත් විජිතයක් ලෙස සලකා කටයුතු කරන බව පවසමින් ඔහු මෙසේ ආධාර ප්‍රතික්ෂේප කළේය.
කෙසේ වෙතත්, එරට ආණ්ඩුකාරවරු සහ ජනාධිපතිවරයා අතර පැවති රැස්වීමකින් පසුව බ්‍රසීල රජයේ ස්ථාවරය වෙනස් වෙමින් ඇති අතර, ඔවුන් මෙම ආධාර ලබාගැනීමට යළිත් තීරණය කර තිබේ.
එනමුදු, ඔවුන් මෙම ආධාර ලබාගැනීමේදී කොන්දේසියක් ඉදිරිපත් කරමින් සඳහන් කරන්නේ මෙම මුදල්වලින් සිදුකරන කාර්යයන් සම්බන්ධයෙන් යුරෝපයට අතදැමීමක් කළ නොහැකි බවයි.
බ්‍රසීලයේ ඇමසන් වනාන්තරය ආශ්‍රිතව පසුගිය සති කිහිපය පුරා දරුණු ලැව්ගිනි තත්ත්වයක් පවතින අතර, එය ඉතිහාසයේ වාර්තාගත ලැව්ගිනි පැතිරීමක් ලෙස ලෝකය හමුවේ දැඩි තිගැස්මක් ඇති කළේය.
විශේෂයෙන්ම, ලෝකයේ පෙනහල්ල ලෙස සැලකෙන ඇමසන් වනාන්තරය ආරක්ෂා කරගැනීම එක් රාජ්‍යයක් නොව, ලෝකයේම වගකීමක් බව පරිසරවේදීහු පෙන්වා දෙති.