ගෙවීයන දශකයේ අතිශය බිහිසුණුව ලැව්ගිනි ජාලයකින් බ්රසීලියේ ඇමසන් වනාන්තරයට දරුණු හානියක් සිදුවෙමින් පවතින බව පරිසර සංවිධාන හඬ නගයි.
බ්‍රසීලයේ උතුරුදිග රොරෙයිමා, අක්රේ, රොනෝඩෝනියා සහ ඇමසෝනාස් යන ප්‍රාන්ත මෙන්ම මාටෝ ග්‍රොස්සෝ ඩු සුල් මෙම ලැව්ගිනි නිසා බ්රලවත් හානියකට ලක්ව තිබේ.
කෙසේ වෙතත්, බ්‍රසීලයේ ඇමසන් ලැව්ගිනි සම්බන්ධයෙන් සමාජ ජාල තුළ පැතිර යන ඇතැම් ලැව්ගිනිවල ඡායාරූප ඇමෙසෝන් වනාන්තරයේ ඒවා නොවන බවත්, තවත් ඡායාරූප දශක කිහිපයක් පැරණි ලැව්ගිනිවල ඡායාරූප බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.
සාමාන්‍යයෙන් වියළි කාලයේදී බ්‍රසීලයේ ඇමසන් වැසි වනාන්තර ආශ්‍රිතවද වාර්ෂිකව යම් ලැව්ගිනි ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක් වුවත්, 2019 වසරේදී එය සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.
අභ්‍යවකාශ පර්යේෂණ පිළිබඳ ජාතික ආයතනයට අනුව 2018 වාර්තා වූ ලැව්ගිනි ප්‍රතිශතය සමග සැසඳීමේදී මෙවර 85%ක වර්ධනයක් දැකිය හැකි බව කියයි.
විශේෂයෙන්ම, 2013 වසරේදී බ්‍රසීලයෙන් වාර්තා වූ ලැව්ගිනි සංඛ්‍යාව සමග සැසඳිමේදී 2019 දී එය දෙගුණයක් බවට පත්ව ඇති බව එම ආයතනයේ වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.
බොහෝවිට මෙවැනි ලැව්ගිනි ඇමසන් වනාන්තරය ආශ්‍රිතව ඇතිවීමට වියළි කාලගුණය පවතින අවස්ථාවල ඇතිවීමට අකුණු සැර ආදී ස්වභාවික සිද්ධීන්ද හේතු වන අතර, තවත් අවස්ථාවල වගාවන් සඳහා භූමිය අල්ලා ගැනීමට මිනිසුන් හිතාමතා ලැව්ගිනි ඇති කරන අවස්ථාද දැකිය හැකිබව පරිසරවේදීහු පෙන්වා දෙති.