ඇමසන් වනාන්තරයේ ඇවිලෙන ලැව්ගිනි නිවා දැමීම සඳහා G7 රාජ්‍ය නායකයන් විසින් පිරිනැමීමට සූදානම් වන මූල්‍යාධාර ප්‍රතික්ෂේප කිරීමට බ්‍රසීල රජය තීරණය කර තිබේ.
G7 රාජ්‍ය නායක සමුළුව අවසන් කරමින් ප්‍රංශ ජනාධිපති එමානුනේ මැක්රෝන් පවසා සිටියේ ඇ.ඩො.මිලියන 22ක මූල්‍යාධාරයක් නිදහස් කිරීමට ඔවුන් සූදානම් බවයි.
කෙසේ වෙතත්, තම රාජ්‍යයට ආධාර අවශ්‍ය නොවන බව පවසා සිටි බ්‍රසීල අමාත්‍යවරුන් කියා සිටියේ, විදෙස් රාජ්‍යයන් ඇමසන් වනාන්තරයේ පාලනය සියතට ගැනීමට උත්සාහ දරණ බවයි.
පසුගිය සති කිහිපය පුරා ඇමසන් වනාන්තරය ආශ්‍රිතව වාර්තාගත ලැව්ගිනි ප්‍රමාණයක් වාර්තා වූ අතර, මෙය පසුගිය වසරට සාපේක්ෂව ලෝකයේ පෙනහල්ල කෙරෙහි බලවත් තර්ජනයක් බවට පරිසරවේදීහු පෙන්වා දුන්හ.
ඒ අනුව, මෙවර G7 රාජ්‍ය නායක සමුළුව අතරවාරයේදී මේ සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපතිවරයා විශේෂ අවධානයක් යොමුකළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සමුළුව අවසානයේදී මෙසේ ආධාර ලබාදීමට එකඟත්වයකට පැමිණ තිබුණි.