නෙදර්ලන්තයේ ඇම්සටර්ඩෑම් නුවරදී ඇමෙරිකානු සංචාරකයන් දෙදෙනෙකුට පිහි ඇනුම් සිදුකළ 19 හැවිරිදි තරුණයා ඇෆ්ගනිස්තානයෙන් පැමිණි සරණාගතයෙකු බව අනාවරණය වී තිබේ.
ඇම්ස්ටර්ඩෑම් පොලිස් ප්‍රධානියා පවසන්නේ ඔහු මෙම ප්‍රහාරය එල්ල කිරීමෙන් තත්ත්පර 9ක් ඇතුළත ඔහුට වෙඩි තැබීමට ආරක්ෂක අංශ කටයුතු කළ බවයි.
මෙම අවස්ථාවේදී මධ්‍යම දුම්රිය ස්ථානයේ යොදවා සිටි විශේෂ ආරක්ෂක අංශ නිලධාරියෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවද පොලිස් ප්‍රධානියා අවධාරණය කරයි.
ප්‍රහාරය සිදුකිරීමට පැමිණි ප්‍රහාරකයා ඉන් පසුව සියදිවි හානි කරගැනීමේ බලාපොරොත්තුවෙන්ද සිට ඇති බවද ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබේ.
ජර්මනියට සරණාගතයෙකු ලෙස ඇතුළු වී තිබූ මොහු ප්‍රහාරයට දිනකට පෙර දුම්රියෙන් නෙදර්ලන්තය වෙත පැමිණ තිබුණු බව අනාවරණය වෙයි.
යුරෝපය පුරා පැතිර යන ජිහාඩ් අන්තවාදය හේතුවෙන් මේ වනවිට යුරෝපයේ නගර රැසක ආරක්ෂාව තරකර තිබීමෙන් සිදුවීමට ගිය විනාශයක් මේ ආකාරයෙන් වළක්වා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ.