නෙදර්ලන්තයේ, ඇම්ස්ටර්ඩෑම් නුවර මධ්‍යම දුම්රිය ස්ථානයේදී සිදුවූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
ප්‍රහාරය එල්ල කළ සැකකරු පොලිස් වෙඩි පහරින් තුවාල ලබා ඇති අතර, ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය කියයි.
සිද්ධියට මුහුණදුන් පුද්ගලයන් දෙදෙනා සහ පොලිස් වෙඩි පහරින් තුවාල ලැබූ සැකකරුද රෝහල් ගත කර තිබේ.
මෙම සිදුවීමත් සමග දුම්රිය ස්ථානයේ වේදිකා දෙකක් වසා දැමීමට බලධාරීන් කටයුතු කර ඇති අතර, දුම්රිය ගමන් වාර කිහිපයක්ද අවලංගු කර තිබේ.
මෙම මධ්‍යම දුම්රිය ස්ථානයෙන් දුම්රිය මගීන් ලක්ෂ දෙකහමාරක් පමණ දිනකට භාවිත කරන බැවින් එහි ආරක්ෂාව තර කිරීමටද පොලීසිය පියවර ගෙන තිබේ.
යුරෝපය පුරා පැතිර යන ජිහාඩ් අන්තවාදයේ හිස එසවීම් සමග මෙවැනි පිහි ප්‍රහාරයන්ද යුරෝපය තුළ මේ වනවිට සුලභ අනතුරක් බවට පත්ව තිබේ.