ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණුදිග දේශසීමාවෙන් ඇතුළු වන සංක්‍රමණිකයන් මින් ඉදිරියට නව නීති ප්‍රකාරව සරණාගතභාවය ලැබීමට සුදුසුකම් නොලබන බව ට්‍රම්ප් පාලනාධිකාරිය පවසයි.
ඇමෙරිකාවේ නීති සහ අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව මෙම නිවේදනය සිදුකර ඇති අතර, ජනපති නියෝගයද නොතකා ඇමෙරිකාවට ඇතුළු වන ඕනෑම සංක්‍රමණිකයෙකු මෙම නව නීතියට යටත් වන බව සඳහන් වෙයි.
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ප්රම්ප්ගේ 2018 මධ්‍ය වාර මැතිවරණයේදී මෙම සංක්‍රමණික අර්බුදය වඩාත් ඉහළින් කැපී පෙනුනු සිදුවීමක් විය.
මේ වනවිට දහස් ගණන් මධ්‍ය ඇමෙරිකානු ජනතාව සරණාගතභාවය ප්රාර්තථනා කරමින් ඇමෙරිකා එක්සත් ජනපදය කරා පැමිණෙමින් සිටිති.