උතුරු කොරියාවට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් නොකිරීමට ඇමෙරිකාව කටයුතු කිරීම ගැන ඔවුන්ගේ දැඩි විවේචනයක් ඇමෙරිකාව වෙත එල්ල වී තිබේ.
උතුරු කොරියානු විදේශ අමාත්‍යාංශය පවසා සිටියේ වඩාත් හොඳ ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් ඔවුන් බොහෝ දේ සිදුකළත්, ඇමෙරිකාව තවමත් කල් ඉකුත් වූ පැරණි න්‍යාය පත්‍රයම ක්‍රියාත්මක කරමින් සිටින බවයි.
උතුරු කොරියාවේ න්‍යෂ්ටික සහ මිසයිල වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඇමෙරිකාව ප්රමුඛ ජාත්‍යන්තරයේ ප්‍රබල සම්බාධක රැසකට මුහුණදීමට ඔවුන්ට සිදුවිය.
කෙසේ වෙතත්, උතුරු කොරියාව සම්පූර්ණයෙන් න්‍යෂ්ටිකහරණයක් සිදුකරන තුරු සම්බාධක ඉවත්කිරීමක් නොකන බව ඇමෙරිකාව කියයි.
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් පසුගිය ජූනි මාසයේදී සිංගප්පූරුවේදී ඓතිහාසික හමුවකදී කලාපය තුළ න්‍යෂ්ටිකහරණයක් පිළිබඳ ප්‍රතිඥා දුන්නද මේ වනවිට ක්‍රමයෙන් ඔවුන්ගේ සමීප බව දුරස්වෙමින් පවතින බව විචාරකයෝ පෙන්වා දෙති.
විශේෂයෙන්ම උතුරු කොරියාව තවමත් න්‍යෂ්ටික වැඩපිළිවෙළින් ඉවත්ව නොමැති බවට වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවක් මෙන්ම, ඇමෙරිකානු බුද්ධි අංශ විසින් අනාවරණය කරගත් ඔවුන්ගේ මිසයිල වැඩපිළිවෙළක්ද දෙරට අතර උණුසුම් තත්ත්වය යළිත් දළුලා වැඩීමට හේතු වී තිබේ.
නමුත්, උතුරු කොරියාව පවසන්නේ ඔවුන් සිය න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවැත්වීම, 1950-53 කොරියානු යුද සමයේ මියගිය ඇමෙරිකානු සොල්දාදුවන්ගේ භෂ්මාවශේෂ යළි ඇමෙරිකාවට ලබාදීම සහ න්‍යෂ්ටික බලාගාර ඉවත්කිරීම ආදී වැදගත් පියවර රැසක් ගත් බවයි.
මෙවැනි යහපත් ප්‍රතිචාරයක් මධ්‍යයේ පවා උතුරු කොරියාවට තර්ජන, ගර්ජනා කිරීම දාමරිකකමක් බව උතුරු කොරියාවේ මතයයි.