ඇමෙරිකා එක්සත් ජනපදයේ මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ ඖෂධ බෙදාහැරීමේ මධ්‍යස්ථානයක මාරාන්තික වෙඩි තැබීම් කිහිපයක්ම සිදුව තිබේ.
ඊසානදිග බෝල්ටිමෝර් සිට කිලෝමීටර් 40ක් පමණ දුරින් වූ හාර්ෆෝඩ් හි පේරිමන් ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.
මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, ප්‍රහාරය එල්ල කළ තැනැත්තා කාන්තාවක බවත් ඇමෙරිකානු මාධ්‍ය පවසා සිටියේද හාර්ෆෝඩ් ෂෙරීෆ්වරයා එය තහවුරු නොකළේය.
කෙසේ වෙතත්, ප්‍රහාරයෙන් මාරාන්තික තුවාලකරුවන් සිටින බවත්, ප්‍රහාරය එල්ල කළ තැනැත්තා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව පමණක් වාර්තා වෙයි.
මෙම ප්‍රදේශය හැකි තරම් මගහැර සිටින ලෙස ආරක්ෂක ආංශ ජනතාවට දැනුම් දී තිබුණු අතර, මේ වනවිට සිද්ධිය සම්පූර්ණයෙන් පාලනය කර ඇති බවද පවසයි.
ප්‍රහාරකයා මේ සඳහා එක් පතොරම් තුවක්කුවක් භාවිත කර ඇති බවත්, මෙම ප්‍රහාරයේදී පොලිස් නිලධාරීන් කිසිවෙකු එකදු උණ්ඩයක් හෝ පාලනය කළ නොමැති බවද ෂෙරීෆ්වරයා අවධාරණය කරයි.