ව්‍යාජ විශ්වවිද්‍යාලයක ලියාපදිංචි වීම මූලික කර ගනිමින් ඉන්දීය සිසුන් 129 දෙනෙකු අත්අඩංගුවට ගැනීම මූලික කර ගනිමින් ඇමෙරිකාව හා ඉන්දියාව අතර රාජතාන්ත්‍රික අර්බුදයක් හටගෙන තිබේ.
මිචිගන් ප්‍රාන්තයේ පිහිටි ෆර්මින්ග්ටන් විශ්වවිද්‍යාලය ලෙස ප්‍රචාරය කර, ඇමෙරිකානු ස්වදේශ ආරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ හොර ඒජන්තවරුන් පිරිසක් මෙම ආගමන වංචාව සිදුකර ඇත.
කෙසේ වෙතත්, මෙම සිසුන් එම විශ්වවිද්‍යාලය ව්‍යාජ එකක් බව දැන දැනත් ඊට අයැදුම් කර ඇති බව ඇමෙරිකානු අභිචෝදකයන් පවසා තිබේ.
නමුත්, ඉන්දීය බලධාරීන් පවසන්නේ ඉන්දීය සිසුන් බොහෝවිට යම් මුලාවකට ලක්ව ඇති බවය.
ඒ අනුව, ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් දිල්ලි නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලය වෙත ලියවිල්ලක් ඉදිරිපත් කරමින් මෙම සිසුන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙසත්, ඔවුන් හමුවීමට තානාපති අංශ වෙත අවස්ථාව ලබාදෙන ලෙසත් ඉල්ලා තිබේ.
ඇමෙරිකානු බලධාරීන් මෙවැනි අත්ඩංගුවට ගැනීමක් සිදුකළ ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර, 2016 වසරේදීද සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන්ද මෙවැනි ව්‍යාජ විශ්වවිද්‍යාලයකට අයදුම් කර තිබූ චීන සහ ඉන්දීය සිසුන් පිරිසකි.