එක්සත් ජනපද බටහිර වෙරළ තීරයේ බලධාරීන් විසින් වැඩිදුර පැහැදිලි නොකළ කෝරෝනා වෛරස් සිද්ධීන් තුනක් සමග එම කාලපයේ ජනතාව තුළ කැලඹීමක් ඇති වී තිබේ.
කැලිෆෝනියාවේ, ඔරිගන් සහ වොෂිංටන් ප්‍රාන්තවලින් වාර්තා වන මෙම ආසාදිතයන් වෛරසයෙන් දැඩි ලෙස පීඩාවට පත් රටකට කිසිදු සම්බන්ධයක් නොමැති අය වීම මෙම ජනතා බිය දෙගුණ තෙගුණ කර ඇත.
ඒ අනුව අවශ්‍ය මුඛ ආවරණ ලබාගැනීම සඳහා ඇමෙරිකානුවන්ද යුහුසුළු වී ඇති අතර, තත්ත්වය සම්බන්ධයෙන් ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට බලධාරීන් සූදානමින් සිටියි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව එක්සත් ජනපදයේ නව කොරෝනා වෛරස් රෝගීන් 59ක් තහවුරු වී තිබේ.