කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටිකහරණය වූ කලාපයක් කිරීමේ ව්‍යායාමය වැළැක්වීමට ඇමෙරිකා එක්සත් ජනපදය කටයුතු කරන බවට උතුරු කොරියාව චෝදනා කරයි.
උතුරු කොරියාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු ඉලක්ක කරමින් අලුතින්ම පනවන ලද සම්බාධක පිළිබඳ අදහස් දක්වමින් උතුරු කොරියාව මෙම අදහස් පළ කර තිබේ.
වොෂිංටනය මෙම සම්බාධක පැනවීම සිදුකර ඇත්තේ මෙම නිලධාරීන් මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා ලැබූවන් බව පවසමිනි.
උතුරු හා දකුණු කොරියානු නායකයන් අතර ගෙවීගිය වසන්ත සමයේදී සිදුවූ හමුව දෙරටේ අනාගතය සම්බන්ධයෙන් වඩාත් සුබවාදී තීන්දු තීරණ රැසක් ගනු ලැබූ අවස්ථාවක් විය.
මේ හමුවෙන් අනතුරුව උතුරු කොරියාව කෝපය නංවන ක්‍රියාවන්ගෙන් වැළකී, දෙරට අතර පැවති උණුසුම් වාතාවරණය අඩුකිරීමට කැපවීමෙන් කටයුතු කරනු ලැබීය.
කෙසේ වෙතත්, මෙම සාකච්ඡාවන් සියල්ලටම මුල පිරූ ඇමෙරිකාව මේ වනවිට තවදුරටත් උතුරු කොරියාව වෙත සම්බාධක පැනවීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බව උතුරු කොරියාවේ මතය වී ඇත.