ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රකට සෙනට් සභිකයෙකු මෙන්ම, එරට හිටපු යුද විරුවෙකු වූ ජෝන් මැකේන් අභාවප්‍රාප්ත වී තිබේ.
ජෝන් මැකේන් මිය වනවිට 81 වැනි වියෙහි පසුවූ අතර, මොළයේ පිළිකා තත්ත්වයකින් පීඩා විඳිමින් සිටි ඔහු මිය යන මොහොතේ ඔහුගේ පවුලේ ඥාතීන් ඔහු වටා සිටි බව විදෙස් වාර්තා පවසයි.
2017 වසරේ ජූලි මාසයේ සිට මෙම දරුණු රෝගී තත්ත්වය හේතුවෙන් ඔහු ප්‍රතිකාර ලබමින් සිටි අතර, ඔහු පසුගිය වසරේ දෙසැම්බරයේදී වොෂිංටනයෙන් ඉවත්ම දිගින් දිගටම ප්‍රතිකාර සඳහා අවධානය යොමුකර තිබුණි.
අවස්ථා හයකදී ඇමෙරිකාවේ සෙනට් මණ්ඩලයේ සෙනට් සභිකයෙකු ලෙස තේරීපත්ව ඇති මැකේන් 2008 වසරේදී රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කළ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙසද තරග බිමේ සිටියේය.
ඔහුගේ වම් ඇසට ඉහළින් තිබූ ලේ කැටියක් ඉවත් කිරීමේ ශල්‍යකර්මය අවස්ථාවේදී ඔහුගේ මොළයේ පිළිකාවක් පවතින බව වෛද්‍යවරු මුලින්ම සොයාගෙන තිබුණි.