හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් ගමන් කළ ඇමෙරිකානු ඩ්‍රෝන යානයක් වෙඩි තබා විනාශ කිරීමෙන් ඉරානය බරපතළ වැරැද්දක් කර ඇති බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය ඔවුන් සිතාමතා කළේ යැයි විශ්වාස කිරීම අතිශය අපහසු බව පවසන ට්‍රම්ප්, එය මිනිසුන් අතින් සිදුවන අත්වැරැද්දක ප්‍රතිඵලයක් විය හැකි බවද කියයි.
මේ අතර, ඉරානය පවසා තිබුණේ මෙම ඩ්‍රෝන යානය ඉරාන ගුවන් සීමාව උල්ලංඝනය කළ බවයි. නමුත්, ඇමෙරිකාව එය ප්‍රතික්ෂේප කළේය.
තෙල් නෞකා වෙත ඉරානය පහර දෙන බවට දෙරට අතර යම් උණුසුම් වටපිටාවක් මතුව තිබෙන අවස්ථාවක මෙම අලුත්ම තත්ත්වය හට ගෙන තිබේ.