ඇමෙරිකානු ආපදා කළමනාකරණ ඒජන්සියේ ප්‍රධානී බ්‍රොක් ලෝන්ග් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති අතර, ට්‍රම්ප් පරිපාලනය යටතේ ධුරයෙන් ඉවත් වූ නවතම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ඔහුය.
2017 ජූනි මාසයේ සිට එම ඒජන්සියේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ඔහු ඇමෙරිකාවට බලපෑ ස්වභාවික විපත් රැසක් වෙනුවෙන් සිය දායකත්වය ලබාදුන්නත්, පොර්ටො රිකෝ වෙත බලපෑ සුළි කුණාටුව සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ ඒජන්සියේ මැදිහත්වීම සම්බන්ධයෙන් ජනතාවගේ දැඩි චෝදනා එල්ල විය.
එමෙන්ම, රජයේ වත්කම් අවභාවිතයේ යෙදීම යන චෝදනාවන්ද ඔහුගේ නම ඉදිරියෙන් එල්ල වී තිබුණි.
කෙසේ වෙතත්, නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසා තිබුණේ තමන්ගේ පවුලේ උදවිය වෙනුවෙන් තමන්ට නිවෙස වෙත යෑමට කාලය පැමිණ ඇති බවයි.
එම ආයතනයේ නියෝජ්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කළ පීටර් ගෙයිනර් මෙම ඉල්ලා අස්වීමත් සමග වැඩබලන ප්‍රධානියා ලෙස කටයුතු කරනු ඇත.