අප්‍රිකානු කලාපයේ ඇන්ගෝලාවේ ප්‍රථම වරට කොවිඩ්-19 හෙවත් නව කොරෝනා ආසාදිත බවට රෝගීන් දෙදෙනෙකු හඳුනාගෙන තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය සිල්වියා ලුටුකුටා මාධ්‍ය අමතමින් කියා සිටියේ අද (21දා) අලුයම එම පරීක්ෂණ ප්‍රතිඵල ධනාත්මක වූ බවයි.
මෙම රෝගීන් දෙදෙනා පසුගිය 17 සහ 18 යන දිනවල පෘතුගාලයේ ලිස්බන් හරහා ගුවනින් පැමිණි දෙදෙනෙකු බව කියයි.
ඔවුන් දෙදෙනාම වයස අවුරුදු 36 ත් 38 ත් අතර වයස්වල ලුආන්ඩා හි පදිංචිව සිටින බවත්, දෙදෙනාම සෞඛ්‍ය අංශවල දැඩි සෝදිසිය යටතේ පසුවන බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය කියයි.
මේ තත්ත්වය තුළ ජනතාව දිගින් දිගටම සන්සුන්ව සිටීම සහ බලධාරීන්ගේ උපදෙස් පිළිපැදීම වැදගත් බව ලුටුකුටා පවසයි.