ඉන්දියාවේ ආගමික උත්සවයක් වෙනුවෙන් කිලෝමීටර් 3,100ක දුරක් දුම්රියෙන් ඇතුන් තිදෙනෙකු ප්රවාහනය කිරීමට ගත් උත්සාහය ඇසෑම් ප්රාන්ත වනජීවී බලධාරීන් විසින් අත්හිටුවා තිබේ.
මෙතරම් දුරක් දුම්රියෙන් ඇතුන් රැගෙන යාම එම සතුන්ගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බවට සත්ත්වවේදීන් විසින් සිදුකළ උද්ඝෝෂණයක ප්රතිඵලයක් ලෙස මෙම අත්හිටුවීම සිදුව ඇත.
මෙම සතුන් රැගෙන යන මාර්ගයේ බොහෝ ප්රදේශවල මේ දිනවල අධික උෂ්ණත්වයක් පවතින බැවින් බොහෝවිට එය එම සතුන්ගේ ජීවිත අවදානම වැඩි කරවන්නක් බව ඔවුහු කීහ.
මෙහිදී, ඇසෑම් ප්රාන්තයේ සිට ගුජරාට් ප්රාන්තයේ අහ්මබාදාබාද් දක්වා ඇතුන් දුම්රියෙන් ප්රවාහනය කිරීමට සැලසුම් කර තිබුණි.
මීට පෙර සතුන් ප්රවාහනය කිරීමට ලබාදුන් තීන්දුව අවලංගු කරමින් මෙම නව තීන්දුව ප්රකාශයට පත්කිරීමට වනජීවී නිලධාරීන් ක්රියාකර තිබේ.