දේව අපහාස චෝදනා ලැබූ කිතුණු කාන්තාවක වන ආසියා බිබී වෙනුවෙන් පැනවූ මරණ දඬුවම එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත දැමීමත් සමග ජනතාව ප්රකෝපකාරී වීමෙන් පසුව ඇගේ නීතීඥයා ආරක්ෂාව පතා රට හැර ගොස් තිබේ.
පසුගිය බදාදා දිනයේදී වසර අටක කාලයක් සිර දඬුවම් විඳිමින් මරණ දඬුවමට නියම වී සිටි ආසියා බිබී වෙනුවෙන් නිදහස ලබාදීමට අධිකරණය තීන්දු කළේය.
නමුත්, මේ තත්ත්වයත් සමග සායිෆ් මූලුක් නමැති නීතීඥයා රට හැර ගියේ මෙම නඩුවේ තවදුරටත් ඇය වෙනුවෙන් පෙනී සිටීමට බවද ඔහු පවසා ඇත.
ඒ අනුව, ඇයව රටින් පිටුවහල් කිරීමට පාකිස්තාන බලධාරීන් තීන්දු කර තිබුණත්, ඇය වෙනුවෙන් මරණ දඬුවම පණවන ලෙසට රට පුරා දරුණු උද්ඝෝෂණ මාලාවක් ඇරඹී තිබේ.
අසල්වැසියෙකු සමග බහින්බස් වීමකදී මුහම්මද්තුමාට අපහසා කළේ යැයි චෝදනා මත වර්ෂ 2010දී ඇය අත්අඩංගුවට ගෙන මරණ දඬුවම නියම කෙරුණත්, වසර 8ක කාලයක් ඇය සිරභාරයේ රඳවනු ලැබුවේ නඩුව විභාග වූ නිසාය.
මේ වනවිටත් රාජ්‍යයන් රැසක් ඇය භාරගැනීමට ඉදිරිපත්ව ඇති බවද විදෙස් වාර්තා පවසයි.