හැරී කුමරුගේ සහ මේගන් කුමරියගේ පුත් කුමරා ආර්චි හැරිසන් මවුන්ට්බැට්න්-වින්ඩ්සර් ලෙස නම් තබා තිබේ.
වින්ඩ්සර් මාලිගයේදී දෙවැනි එළිසබෙත් රැජින සහ එඩින්බරෝ ආධිපාදවරයා පුත් කුමරා දැකීමෙන් පසුව ඔවුන් ප්‍රථම වරට හැරිසන් කුමරු මාධ්‍යය වෙත පෙන්වීය.
සිය විවාහයේ සිටම රාජකීය සම්ප්‍රදායන් බිඳ දමමින් කටයුතු කළ හැරී දරුවාගේ නම යෙදීමේදීද එවැන්නන් කර ඇති බව සඳහන් වෙයි.
මන්දයත්, ඔහුගේ රජ පෙළපත් නාමයන් අනුව දරුවාගේ නම ආර්චි, ඩම්බර්ටන් අර්ල්වරයා ලෙස හෝ ලෝඩ් ආර්චි මවුන්ට්බැට්න්-වින්ඩ්සර් ලෙස හෝ යෙදීමට තිබුණි. නමුත්, ඒ වෙනුවට සරලව ආර්චි මවුන්ට්බැට්න්-වින්ඩ්සර් ලෙස පමණක් එය යෙදීමට ඔහු කටයුතු කර තිබේ.