සසෙක්ස් ආදිපාදවරයා වන හැරී කුමරු පවසා ඇත්තේ ජ්‍යෙෂ්ඨ රාජකීයත්වයෙන් වීමෙන් ඉවත්වීම සඳහා තමා සුවිශේෂී පිම්මක් ගත් බවයි.
කෙස් වෙතත් හැරී කුමරු කියා සිටියේ තමා සහ මේගන් මහජන අරමුදල් නොමැතිව රැජිනට දිගටම සේවය කිරීමට බලාපොරොත්තු වන බව ඉරිදා සවස පැවති උත්සවයක් අමතමින් පවසා ඇත.
"එක්සත් රාජධානිය මගේ නිවස සහ මා ආදරය කරන ස්ථානයක් වන අතර එය කිසි විටෙකත් වෙනස් නොවේ" ඔහු පැවසීය.
වඩාත් සාමකාමී ජීවිතයක් සොයන හැරී සහ මේගන්, තම ජීවිත කාලය පුරාම තමා බලාපොරොත්තු වූ ආදරය හා සතුට තමා වෙත දැන් පැමිණ ඇති බව කියා සිටියේය.
මෙම මස මුලදී හැරී කුමරු සහ මේගන් කියා සිටියේ රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ලෙස ඉවත් වී මූල්‍යමය වශයෙන් ස්වාධීන වීමට කටයුතු කිරීමට අදහස් කරන බවයි.
සෙනසුරාදා බකිංහැම් මාලිගය නිවේදනය කළේ වසන්තයේ සිට ඔවුන් තම රාජකීය නාමයන් භාවිත කිරීම නවත්වන බවත්, නිල හමුදා පත්වීම් ඇතුළු රාජකීය රාජකාරිවලින් ඉවත් වන බවත්ය.
සඳුදා හැරී කුමරු ලන්ඩනයේ පැවති එක්සත් රාජධානියේ-අප්‍රිකානු ආයෝජන සමුළුවට පැමිණෙන අයුරු දැකිය හැකි වූ අතර, එහිදී ඔහු පෞද්ගලික රැස්වීම් ගණනාවකට සහභාගී වූහ.