ලොව ධනවත්ම ලොතරැයිය වන එල් ගෝර්ඩෝගේ දිනුම් ඇදීම සඳහා ස්පාඤ්ඤ ලොතරැයි ලෝලීන් මැඩ්රිඩ් හි රාජකීය රඟහලට පැමිණීම සිදුවෙයි.
ඔපෙරා ශාලාවෙන් පිටත රාත්රියේදී ටිකට් පත් හිමියන් විශාල පිරිසක් පෝලිම් ගැසී සිටින්නේ නොයෙක් වෛවර්ණ ඇඳුම් ආයිත්තම්වලින් සැරසීය. ඔවුන් බොහෝ දෙනෙකු ජයග්‍රහණය වෙනුවෙන් සැදී පැහැදී සිටී.
ස්පාඤ්ඤ බසින් “මේදය” යන්නෙහි අර්ථය වන එල් ගෝර්ඩෝ හිදී යූරෝ බිලියන 2.38 ක මුදලක් ජයග්‍රහණය කිරීමට අවස්ථාව හිමිව තිබුණි.
ටිකට් පත් 100,000ක කට්ටල 170 ක් ඇති අතර සෑම ටිකට් පතක්ම යූරෝ 200කට අලෙවි කෙරෙයි. සෑම ශ්‍රේණියකම දිනුම් ඇදීමක් සඳහා යූරෝ මිලියන 4ක ප්‍රධාන ත්‍යාගයට අමතරව තවත් කුඩා ත්‍යාග දහස් ගණනක්ද වෙයි.
මෙම ලොතරැයි ව්‍යුහය සැලසුම් කර ඇත්තේ හැකි තරම් පිරිසකට ජයග්‍රහණය කිරීමට අවස්ථාව සැලසීමට වන අතර, කුඩා දිනුම් අවස්ථාවක් හෝ අවම වශයෙන් තවත් ටිකට් පතක් හෝ දිනාගැනීමේ අවස්ථාව එහි පවතින බව කියයි.