ඇෆ්ගනිස්තානයේ උතුරුදිග බල්ක් පළාතේදී එරට උප ජනාධිපති අබ්දුල් රෂීඩ් ඩොස්ටුම් ඉලක්ක කරමින් එල්ල කෙරුණු ප්රහාරයකින් ඔහු දිවි ගලවාගෙන තිබේ.
මෙම ප්රහාරයෙන් උප ජනාධිපතිවරයාගේ ආරක්ෂකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ප්රහාරකයන් සැඟව සිට මෙම ප්රහාරය දියත් කර ඇත. කෙසේ වෙතත්, පැයකට ආසන්න කාලයක් සිදුවූ ප්රහාරය මැඬපැවැත්වීම සඳහා ආරක්ෂක අංශ දැඩි පරිශ්රමයක් දරා ඇත.
තලේබාන් සංවිධානය මෙම ප්රහාරයේ වගකීම භාරගෙන ඇති අතර, එහිදී, තවත් ආරක්ෂකයන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
ඇෆ්ගනිස්තාන උප ජනාධිපතිවරයා මේ ආකාරයෙන් දිවි ගලවාගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර, ඔහු 2014 වසරේදී එරට ඒකාබද්ධ රජය සමග එක්විය.