ඉන්දියාවේ දිල්ලි අගනගරයේ වායු දූෂණය අතිශය දරුණු මට්ටමකට ළඟාවී ඇති අතර, පවතින දැඩි උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් අසාමාන්‍ය දූලි වළාවකින්ද නගරය වැසී ඇති බව වාර්තා වෙයි.
බොහෝ නගරවාසීන් චෝදනා කරන්නේ තමන්ට නිදහසේ හුස්ම ගැනීමටවත් නොහැකි පරිසරයක් මේ වනවිට ඇතිව තිබෙන බවයි.
එමෙන්ම, තවත් අය පවසන්නේ මේ වනවිට නගරය අත්හැර දැමීමට වන තරමටම තත්ත්වය බරපතළ වී ඇති බවයි.
මේ වනවිට නගරය තුළ සිදුවන සියලු ඉදිකිරීම් නතර කිරීමට දිල්ලියේ ප්‍රාන්ත රජය පියවර ගෙන ඇති අතර, ගිනි නිවන හමුදාව යොදා ගනිමින් නගරය පුරා ජල බිංඳු ඉසීමක්ද සිදුකරමින් සිටියි.
මේ අතර, ජනතාවට හැකි තරම් නිවාස හෝ කාර්යාල අභ්‍යන්තරයට වී සිටින ලෙසට උපදෙස් ලැබී තිබේ.
ලෝකයේ පරිසර දූෂණය අතින් ඉහළම තැනක දැනටමත් පසුවන දිල්ලිය, මෑතකාලීන කාලගුණික වෙනස්කම් හේතුවෙත් තවදුරටත් දරුණු පාරිසරික පද්ධතියක් ඇති කර තිබෙන බව නොරහසකි.