ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ජීවත් වන අවුරුදු 73ක් වන කාන්තාවක් බිළිඳියන් දෙදෙනෙකු ප්‍රසූත කළ පුවතක් වාර්තා වෙයි.
IVF තාක්ෂණය යොදාගත් නළ දරු උපතක් ලෙස මෙම දරු ප්‍රසූතිය සිදුවූ අතර, දරුවන් බිහිකළ මව මෙන්ම බිළිඳියන් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව වෛද්‍යවරු පවසති.
මන්ගායම්මා යාරාමතී ලෙස සැලකෙන මෙම මව මෙන්ම, ඇයගේ ස්වාමි පුරුෂයා වන 82 හැවිරිදි සීතාරාමා රාජාරාඕ විවාහ වූ දිනයේ සිටම දරුවන් බලාපොරොත්තුවෙන් සිටියත්, අවසානයේදී ඔවුන්ගේ දරු සිහිනය සැබෑ කරගැනීමට හැකිව ඇත්තේ ඔවුන් සැඳෑ සමය ගතකරන අවස්ථාවේදීය.
මෙම පුවතින් තමන් බලවත් ප්‍රීතියට පත්වූ බව දරුවන්ගේ පියා වන රාජාරාඕ පවසා ඇතත්, මෙම දරු උපත සිදුවූ දිනට පසුදින හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු රෝහල්ගත කර ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
රෝහලේ ප්‍රතිකාර ලබන ඔහු පවසා තිබුණේ දරුවන්ගේ අනාගතය ඔවුන්ගේ අතේ නොව, දෙවියන්ගේ අතේ පවතින බවකි. විශේෂයෙන්ම මෙතරම් වයසකදී දරුවන් සාදා ගැනීමේදී ඔවුන් වැඩිමහලු වීමට පෙර දෙමවුපියන්ට යමක් සිදුවුවහොත් දරුවන්ගේ අනාගතය ගැන විමසූ විට ඔහු එසේ පවසා ඇත.
2016 වසරේදී 70 වැනි වියෙහි පසුවූ තවත් ඉන්දීය කාතාවක වන දාලිජින්දර් කවුර් පිරිමි දරුවෙකු ප්‍රසූත කළාය.
මේ සියලු දරු ප්‍රසූතින් සීසේරියන් සැත්කම් මගින් සිදුව ඇත.