අල්කයිඩා නිර්මාතෘ ඔසාමා බින් ලාඩන්ගේ පුත් හම්සා බින් ලාඩන් එක්සත් ජනපද මෙහෙයුමකින් මියගිය බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර තිබේ.
පසුගිය මාසයේ එක්සත් ජනපද මාධ්‍ය විසින් එරට බුද්ධි අංශ උපුටා දක්වමින් පවසා සිටියේ ඔහු ගුවන් ප්‍රහාරයකින් මියගිය බවය.
මීට වසර දෙකකට පෙර එක්සත් ජනපදය විසින් ඔහු ගෝලීය ත්‍රස්තවාදියෙකු ලෙස නිල වශයෙන් නම් කරන ලදී.
ඔහු තම පියාගේ අනුප්‍රාප්තිකයෙකු ලෙස සැලකුණු අතර, වයස අවුරුදු 30ක් පමණ වූ ඔහු එක්සත් ජනපදයට සහ වෙනත් රටවලට පහර දෙන ලෙස සිය අනුගාමික සටන්කාමීන්ගෙන් ඉල්ලා තිබුණි.
ඇෆ්ගනිස්ථානයේ, පාකිස්තාන කලාපයේ එක්සත් ජනපද ත්‍රස්ත මර්දන මෙහෙයුමකදී අල්කයිඩා සංවිධානයේ ඉහළ පෙළේ සාමාජිකයෙකු සහ ඔසාමා බින් ලාඩන්ගේ පුත් හම්සා බින් ලාඩන් මිය ගොස් ඇතැයි ට්‍රම්ප් ධවල මන්දිරය නිකුත් කළ කෙටි ප්‍රකාශයකින් පැවසීය.
"හම්සා බින් ලාඩන් නැතිවීම අල්කයිඩා සංවිධානයට වැදගත් වූ නායකත්ව කුසලතා සහ ඔහුගේ පියා සමඟ සංකේතාත්මක සම්බන්ධතාවය අහිමි කෙරෙනවා. ඒ වගේම, ත්‍රස්ත කණ්ඩායමේ වැදගත් මෙහෙයුම් ක්‍රියාකාරකම් මේ නිසා වැලැක්වෙනු ඇති." කෙසේ වෙතත්, මෙම ප්‍රකාශයේ මෙහෙයුම සිදුවූ වේලාව සඳහන් කර නැත.
ඔහු පිළිබඳ තොරතුරු සඳහා එක්සත් ජනපද රජය විසින් පෙබරවාරි 1 වැනිදා ඇ.ඩොලර් 825,000ක් ත්‍යාගයක්ද ලබා දී ඇත.