දශක දෙකකට අධික කාලයක් ඇපල් සමාගමේ iPhone, iPod සහ iMac හි නිර්මාණවේදියා ලෙස කටයුතු කළ ශ්‍රීමත් ජොනතන් අයිව් සමාගම හැර යන බව නිවේදනය කර තිබේ.
LoveFrom නමින් තමාගේම නිර්මාණාත්මක ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අරමුණින් ඔහු ඇපල් සමාගම අත්හැර ගියත්, ඔහුගේ සමාගමේ ප්‍රථම සේවාදායකයද ඇපල් සමාගම වනු ඇති බව කියැවෙයි.
බ්‍රිතාන්‍ය ජාතික ජොනතන්ගේ නික්මයෑම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇපල් ප්‍රධානී ටිම් කුක් පවසා සිටියේ ඇපල් සමාගම තුළ ඔහුගේ භූමිකාව පිරවීම පහසු නොවන බවයි.
මේ අතර, ඇපල් සමාගමේ නිර්මාණවේදියෙකු ලෙස ජොනතන් සිය ධුරයෙන් ඉවත් වන්නේ සමාගම තුළ යම් වෙනස්කම් කිහිපයක් සිදුවන අවස්ථාවකදීය.
විශේෂයෙන්ම පසුගිය අප්‍රේල් මාසයේදී සමාගමේ විකුණුම් අංශ ප්‍රධානී ඇන්ජෙලා අහ්රෙන්ඩ්ට්ස් සිය ධුරයෙන් ඉවත්වීමද සමාගමට සැලකිය යුතු බලපෑමක් ඇති කර තිබුණි.
එය ඇපල් සමාගමේ විකුණුම් සම්බන්ධයෙන් ආයෝජකයන් තුළ තිබූ විශ්වාසය පහළ ගිය අවස්ථාවක් ලෙස සැලකෙයි.
මේ අවස්ථාවේදී ජොනතන් සමාගමෙන් ඉවත්වීමද ආයෝජක විශ්වාසය යම් පසුබෑමකට ලක්වන අවස්ථාවක් ලෙස සැලකෙයි.