වර්ෂ 1973 දී අයිස්ලන්තය ආශ්රිතව සිදුවූ ගුවන් අනතුරකින් චීන සංචාරකයන් පිරිසක් මියගොස් ඇති අතර, එම ගුවන් යානයේ සුන්බුන් හා මියගිය අයගේ සිරුරු සොයාගෙන තිබේ.
මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ චීන සංචාරකයන් දෙදෙනෙකු වන අතර, ඔවුන් දෙදෙනාම වයස අවුරුදු 20 ගණන්වල පසුවී ඇත.
දැඩි සීතලක් පවතින ප්රදේශයක් නිසා සල්හයිමසන්දූර් අනතුරට ලක්වූ ස්ථානය අසල තිබී පිරිමි හා කාන්තා මළ සිරුරු ද්විත්වයක් හමුවූ බව පොලීසිය කියයි.
මෙම මරණයට හේතු සොයා ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් ලබන සතිය මුලදී සිදුකරන බවද සඳහන් වෙයි.
කෙසේ වෙතත් මූලික පරීක්ෂණවලදී මෙම ගුවන් යානා අනතුර තෙවැනි පාර්ශ්වයක ක්රියාවක් යැයි පැවසෙන කිසිදු සලකුණක් හමුවී නොමැති අතර, දැඩි සීතල හේතුවෙන් ඔවුන් මිය යන්නට ඇති බව විශ්වාස කෙරෙයි.