අමනුස්සයන් බැඳගත් ගැහැනියක හා දරුවෙකු බව පවසමින් ඉන්දියාවේ මවක හා ඇගේ දරුවා මරා දමා ඇති අතර, මෙම ඝාතකයන් සොයා පොලිස් පරීක්ෂණ අරඹා තිබේ.
ඉන්දියාවේ නැගෙනහිර ප්‍රාන්තයක් වන ඔරිස්සා හිදී සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලීසිය විශ්වාස කරන්නේ සිද්ධිය පිටුපස තවත් පුද්ගලයන් රැසක් සිටින බවයි.
මන්ග්‍රී මුන්ඩා සහ ඇගේ දරුවගේ සිරුරු ඔවුන්ගේ නිවස අසල වූ ළිඳකින් සොයාගෙන තිබුණේ පසුගිය ජනවාරි 26 වැනිදාය.
අමනුෂ්‍යයන් ඇල්ලීමට ගොස් මෙවැනි අහිංසක මිනිසුන් මරා දැමීම ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල සුලභව දැකිය හැකි සිදුවීමකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ප්‍රධාන සැකකරු යකැදුරෙකු බව පොලීසිය පවසයි.