නයිජීරියාව ලාගෝස්ප්රාන්තයේ නව කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු රෝගියා තහවුරු කළ බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා අද (28දා) නිවේදනය කළේය.
රෝගියා නයිජීරියාවේ සේවය කරන ඉතාලි ජාතිකයෙකු වන අතර, ඔහු පෙබරවාරි 25 වැනි දින ලාගෝස් ප්‍රාන්තය වෙත පැමිණ ඇත. ඔහු මේ වනවිට ස්ථාවර තත්ත්වයේ පසුවන අතර වැඩිදුර ප්‍රතිකාර ලබන බව කියයි.
ඒ අනුව උප සහරා අප්‍රිකානු කලාපයෙන් වාර්තා වූ පළමු වැනි නව කොරෝනා ආසාදිතයා බවට ඔහු පත්වෙයි.
කෙසේ වෙතත් අප්‍රිකානු කලාපය වෙත නව කොරෝනා වෛරසය පැතිරීම එහි අවදානම තවදුරටත් වැඩිකරන අවස්ථාවක් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.