බ්‍රිතාන්‍ය යුරෝපයෙන් වෙන්වීම හෙවත් බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සම්පූර්ණ වීමෙන් පසුව අප්‍රිකානු කලාපය තුළ බ්‍රිතාන්‍ය ආයෝජන අරඹන බව අගමැතිනී තෙරේසා මේ අවධාරණය කරයි.
අප්‍රිකානු මහද්වීපය වෙත සිදුකරන ප්‍රථම සංචාරය අරඹමින් බ්‍රිතාන්‍ය අගමැතිනිය මෙම අදහස් දැක්වීම සිදුකර තිබේ.
දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හි සිට ප්‍රකාශයක් සිදුකරමින් ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තරුණ තරුණියන් වෙත නව රැකියා උත්පාදනය කරමින් අප්‍රිකානු ආර්ථිකය නගාසිටුවීමට බ්‍රිතාන්‍ය පවුම් බිලියන 4ක සහයෝගයක් ලබාදෙන බවයි.
විශේෂයෙන්ම දරිද්‍රතාව දුරලීමේ කෙටි කාලීන වැඩපිළිවෙළකට වඩා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් වෙත එම අධාර මුදල් යොමු කළ යුතුව ඇති බවද ඇය සඳහන් කර තිබේ.
දින තුනක මෙම අප්‍රිකානු සංචාරය තුළදී තේරේසා මේ නයිජීරියාව සහ කෙන්යාව යන රටවලද සංචාරය කිරීමට නියමිතය.