අප්‍රිකාවේ විශාලතම ජංගම දුරකථන ක්‍රියාකරු වන MTN ආයතනය විසින් තලේබාන් සහ අල්කයිඩා යන ත්‍රස්ත සංවිධානවලට අල්ලස් ලබාදී ඇති බවට චෝදනා එල්ල වෙයි.
ඒ අනුව ඇෆ්ගනිස්ථානයේ සටන්කාමී ඉස්ලාමීය කණ්ඩායම්වලට ආරක්ෂණ මුදල් ගෙවූ බවට වන චෝදනා සමාලෝචනය කරමින් සිටින බව අදාළ සමාගම කියයි.
එක්සත් ජනපද ෆෙඩරල් උසාවියකට සිකුරාදා ගොනු කරනලද නෛතික පැමිණිල්ලකදී හෙළි වූ මෙම චෝදනා පවසන්නේ අදාළ සමාගම එක්සත් ජනපද ත්‍රස්ත විරෝධී නීති උල්ලංඝනය කර ඇති බවයි.
මෙම නඩුව ගොනු කරනු ලැබුවේ ඇෆ්ගනිස්ථානයේ ප්‍රහාරවලින් මියගිය එක්සත් ජනපද පුරවැසියන්ගේ පවුල් වෙනුවෙනි. එහිදී තවත් සමාගම් පහක්ද නම් කර තිබුණි.
අල්කයිඩා සහ තලේබාන් සංවිධාන වෙතින් සිය මිල අධික සම්ප්‍රේෂණ කුලුණු සඳහා ආරක්ෂාව ලබාගැනීමට මේ ආකාරයෙන් අල්ලස් මුදල් ලබා දී ඇති බව පැමිණිල්ලේ සඳහන් වෙයි.
2009 සිට 2017 දක්වා කාලය තුළ ඇෆ්ගනිස්ථානයට එල්ල වූ ප්රහාරයන්ට තුඩුදුන් තලේබාන් නායකත්වයෙන් යුත් ප්රහාරයන්ට මුදල් යෙදවීමට මෙම ගෙවීම් ඉවහල් වූ බවට චෝදනා පවසයි.