අන්තර්ජාලයේ පවතින දෑ පාලනය කිරීමේදී රාජයයන් සහ නියාමන ආයතන වඩාත් කාර්යක්ෂම කාර්යභාරයක නිරත විය යුතු බව ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පවසයි.
ඔහු පවසා සිටියේ ෆේස්බුක් සමාජජාලයේ පවා පවතින හානිදායක දෑ පිළිබඳ අවධානයෙන් පසුවීමට ඔවුන්ටද හැකිනම් එය මේ මොහොතේ වඩාත් යෝග්‍යතම කර්තව්‍ය බවයි.
ඒ අනුව, හානිදායක තොරතුරු, මැතිවරණයන්හි අවංකත්වය, පෞද්ගලිකත්වය සහ දත්ත සුලභබව යන කේෂේත්‍ර සම්බන්ධයෙන් නව නීති හඳුන්වාදීමට රජයයන් කටයුතු කළ යුතු බවයි.
නවසීලන්තයේ, ක්‍රිස්ට්චර්ච් හි මුස්ලිම් පල්ලිවල පුද්ගලයන් 50කට මරු කැඳවමින් සිදුකළ වෙඩි තැබීම සිද්ධිය ෆේස්බුක් වෙබ් අඩවිය හරහා සජීව ලෙස ප්‍රචාරය කිරීමට එම ප්‍රහාරකයා කටයුතු කිරීම ෆේස්බුක් ප්‍රධානියා මෙවැනි අදහසක් පළ කිරීමට ආසන්නතම හේතුව වී තිබේ.