අනතුරට ලක්ව මෙහෙයුම් නැවතූ සොයුස් රොකට්ටුව මසක විවේකයකින් පසුව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත භාණ්ඩ තොගයක් රැගෙන යයි.
කසකස්ථානයේ පිහිටි බයිකොනොර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට මෙම රොකට්ටුව දියත් කෙරුණු බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.
ඒ අනුව, පසුගිය ඔක්තෝබර් මාසයේ සිදුවූ අනතුරින් පසුව මෙසේ අභ්‍යවකාශය බලා ගිය ප්‍රථම සොයුස් මෙහෙයුමවද මෙය වන අතර, එය ලබන දෙසැම්බර් මස මිනිසෙකු රැගෙන යන සොයුස් මෙහෙයුමේ පෙර අත්හදා බැලීමක් යැයිද සඳහන් වෙයි.
කෙසේ වෙතත්, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත වර්තමානයේදී භාණ්ඩ හා ගගනගාමීන් ප්‍රවාහනයට යොදා ගැනෙන එකම ක්‍රමය ලෙසද රුසියානු සොයුස් රොකට්ටුව සැලකෙන අතර, පසුගිය මස සිදුවූ අනතුර මෙවැනි රොකට්ටුවක් සම්බන්ධයෙන් වාර්තා වූ පළමු වැනි අනතුරද විය.
කෙසේ වෙතත්, එම අනතුර අවස්ථාවේදී යානයේ සිටි ඇමෙරිකානු සහ රුසියානු ගගනගාමීන් දෙදෙනා එය පිපිරී විනාශ වීමට පෙර ඉන් ඉවත්වීමට කටයුතු කර තිබුණි.