මීට වසරකට පෙර ඉන්දුනීසියාවේ විනාශකාරී සුනාමියක් ඇතිකළ ගිනි කන්දෙන් කැඩුණු අවශේෂ කොටස් මුහුදු පතුලේ තැන්පත්ව ඇති ආකාරය ප්‍රථම වරට ඡායාරූපගත කර තිබේ.
අනක් ක්රකාටාවු විදාරණයත් සමග එක් පසකට තල්ලු වූ පාශාන තට්ටු සහ ගල් කැබලි නිර්ණය කිරීමට විද්‍යාඥයන් සෝනාර් තාක්ෂණය යොදාගෙන තිබුණි.
ඒ අනුව, මෙම කුට්ටි සමහරක් මීටර් 70-90ක් පමණ උසකින් යුතු ඒවා බව විද්‍යාඥයෝ පවසති.
ඒවා සාගරයට ඇද වැටීම නිසා 2018 දෙසැම්බර් 22 වැනි දින ජාවා සහ සුමාත්‍රා වෙරළ තීරය හරහා ප්‍රබල සුනාමි ව්‍යසනයක් ඇති කළේය.
රාත්‍රියේ ඇති වූ මෙම සුනාමි තත්ත්වය හේතුවෙන් සමුද්‍ර සන්ධිය අවට 400කට අධික පිරිසක් මිය ගිය අතර තවත් දහස් ගණනක් තුවාල ලැබූහ.