පුද්ගලයන් 239 දෙනෙකු සමග පසුගිය 8 වැනිදා අතුරුදන් වූ මැලේසියානු ගුවස් සේවයට අයත් MH370 යානය පිළිබඳ තොරතුරක් ලබානොදීම ගැන යානයේ ගමන්ගත් චීන ජාතික මගීන්ගේ ඥාතීන් මාධ්‍යට අදහස් දැක්වීම ගිය අවස්ථාවේදී එය වළක්වාලීමත් සමග දැඩි උණුසුම්කාරී තත්ත්වයක් උද්ගතව තිබේ.
ක්වාලලාම්පූර් නුවරදී යානය අතුරුදන් වීම සම්බන්ධයෙන් දිනපතා පැවැත්වෙන නිල මාධ්‍ය සාකච්ඡාවෙන් පසුව එම ඥාතීන් විසින් චීන මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම වළක්වාලීම සිදුව තිබේ.
එහි සිටි බී.බී.සී. වාර්තාකරුවාද ඥාතීන් වෙතින් ඉවත් කර ඇති අතර, එම අවස්ථාවේදී මගීන්ගේ ඥාතීන් විරෝධතා පුවරු රැගෙන යානය සෙවීමේ මෙහෙයුම පිළිබඳ දැඩි විවේචනයක් එල්ල කරමින් සිට ඇති බව ඔබ කියයි.
මෙම අවස්ථාවේ සිටි මගියෙකුගේ ඥාතියෙකු හඬමින් කියා සිටියේ, මැලේසියානු බලධාරීන් දවසින් දවස එකකට එකක් වෙනස් තොරතුරු ලබාදෙන බවයි. යානය කොහිද කියා සොයාගෙන තම ඥාතීන් හැකි ඉක්මණින් සොයා ගන්නා ලෙස ඔහු කෑ මොර දී තිබේ.
මේ අතර, ගුවන් යානයක් ඉතා පහතින් ගමන් කර ඇති බවට මාලදිවයින් දූපත්වල ඇතැම් පිරිස් දැක ඇති බවත්, එය මෙම යානය අතුරුදන් වීමට පැය කිහිපයකට පමණ පසුව දැක තිබෙන බවටත් තොරතුරු පවතී.
මේ තත්ත්වය තුළ තාක්ෂණික කරුණු මෙන්ම, යානය සම්බන්ධයෙන් විවිධ රටවලින් ලැබෙන ඇසින් දුටු සාක්ෂි පිළිබඳවද විශේෂ විමර්ෂණයන් ඇරඹී තිබේ.
මෙහිදී, මැලේසියානු ගමනාගමන අමාත්‍ය හිෂාමුඩීන් හුසේන් පවසා සිටියේ බලධාරීන් විසින් යානයේ ගමන්ගත් මගීන් මෙන්ම කාර්ය මණ්ඩලය පිළිබඳවද දැඩි සෝදිසි කිරීමක් සිදු කළත්, තවමත් වැදගත් තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ බවයි.
කෙසේ වෙතත් මේ වනවිටත් අතුරුදන් වූ යානය සොයා රටවල් 26ක කණ්ඩායම් සෝදිසි මෙහෙයුම් සිදු කරයි.