අතුරුදන් වී සති දෙකකට පසු මධ්‍යම මෙක්සිකෝවේ ළිඳක තිබී සුප්‍රසිද්ධ පරිසර ක්‍රියාකාරිකයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති බව බලධාරීහු පවසති.
50 හැවිරිදි හෝමෙරෝ ගෝමස්, අපරාධ කල්ලිවලට කුප්‍රකට කලාපයක් වන මිකොආකාන් ප්‍රාන්තයේ ඔකාම්පෝ නගරයේ සමනල අභය භූමියක් ආරක්ෂා කරගෙන කටයුතු කළ අයෙකි.
ඔහුගේ සිරුර අවසන් වරට දක්නට ලැබුණු ස්ථානය අසල ප්‍රචණ්ඩකාරී කිසිදු සලකුනක් නොතිබුණත්, ඔහු මරා දමන්නට ඇති බව විශ්වාස කෙරෙයි.
නීතිවිරෝධී දැව කැපීමට එරෙහි සටන කළ නිසා ගෝමස් ඉලක්ක කර ගන්නට ඇතැයි බියක් ඇති බව සෙසු පරිසර සංවිධාන මීට පෙර පවසා තිබුණි. ප්‍රදේශයේ අපරාධ කල්ලි සම්බන්ධව හඬක් නැගූ අයෙකු ලෙසද ඔහු සැලකෙයි.
ගෝමස් අවසන් වරට දැක තිබුණේ පසුගිය ජනවාරි 13 වැනි දින දහවල් එල් සොල්දාඩෝ ගම්මානයේ පැවති රැස්වීමකට සහභාගී වූ අවස්ථාවේදීය. ඔහුගේ පවුලේ අය පසුදා ඔහු අතුරුදන්ව ඇති බව කීය. සංවිධායක අපරාධ කල්ලියකින් ඔහුට නිරන්තරයෙන් තර්ජන තිබූ බව බොහෝ දෙනෙකු පවසති.