බ්‍රිතාන්‍ය අගමැතිනී තේරේසා මේ ධුරයෙන් ඉවත්කිරීම සඳහා කැබිනට් මණ්ඩලය තුළ කුමන්ත්‍රණයක් පැවති බවට වූ කතාව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් ප්‍රතික්ෂේප කරති.
බ්‍රෙක්සිට් ලේකම් ස්ටෙෆන් බාස්ලේ පවසා සිටියේ අගමැතිනිය තවදුරටත් ධුරයේ කටයුතු කරනු ඇති බවයි.
එමෙන්ම, අගමැති ධුරයට පත්කරනු ඇති බවට කටකතා පැතිරුණු, ඩේවිඩ් ලිඩිනිග්ටන්ද තමන් සියයට සියයක් තේරේසා මේ අගමැතිනියට සහාය දක්වන බව පවසා ඇත.
කෙසේ වෙතත්, ඉදිරියේදී බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණයක් කැඳවීමේ අවස්ථාවක් පවතින බවද වාර්තා වෙයි.
බ්‍රිතාන්‍ය පුවත්පත් විසින් සිදුකළ අනාවරණයකට අනුව ගමැතිනිය ධුරයෙන් පහ කිරීමට ඇමති මණ්ඩලය කටයුතු කරමින් සිටින බව වාර්තා විය.
එහිදී, ඔවුන් අගමැතිනිය වෙනුවට තාවකාලික අගමැතිවරයෙකු පත්කර එලැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් ඔහු යටතේ රට පාලනය කිරීමට සූදානමින් සිට ඇත.