එලැඹෙන දෙසැම්බර් 12දා මහ මැතිවරණයක් කැඳවීමට බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ගත් තීරණයට විපක්ෂය විරෝධය දක්වා තිබේ.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් විවාදයකට එළැඹ ඇති අතර, විපක්ෂ නායක ජෙරමි කෝර්බින් පවසන්නේ, බ්‍රෙක්සිට් ඉවත්වීමට යුරෝපා සංගමය විසින් තවදුරටත් කාලය ලබාදීම තුළ හදිසි මැතිවරණයක් පිළිබඳ සලකා බැලූ අදහස අත්හැරි බවයි.
ඔහු පවසන්නේ මෙම අවස්ථාවේ හදිසි මැතිවරණයට යාමෙන් විසඳුමකින් තොර බ්‍රෙක්සිට් ඉවත්වීමක් මඟ පැදෙනු ඇති බවයි. එය අගමැතිවරයාගේ සැලසුමට සෘජුවම එකඟ නොවීමකි.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට මැතිවරණයට යා හැකි වන්නේ මන්ත්‍රීවරුන්ගේ සහාය ලැබුණහොත් පමණක් වන අතර, ඔවුන් මේ වනවිටත් තෙවරක්ම එය අවහිර කර ඇත.