මුස්ලිම් කාන්තාවන් මුහුණ ආවරණය කරන බුර්කාව ජර්මනිය තුළ අර්ධ වශයෙන් තහනම් කිරීමට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා තීරණය කර තිබේ.
මෙම තහනම සම්පූර්ණ වශයෙන් ගෙන ඒම එරට ව්‍යවස්ථාවට එකඟ නොවන බැවින් එය අර්ධ වශයෙන් ගෙන එන බවත්, ජර්මනිය වැනි විවෘත සමාජයක් පවතින රටක සමාජ ඒකාබද්ධතාව වෙනුවෙන් තමන්ගේ මුහුණ අන්‍යයන්ට දැකගැනීමට සැලැස්වීම අත්‍යවශ්‍ය කරුණක් බව දක්වා තිබේ.
"අපි හැමෝටම කියන්නෙ, තමන්ගෙ මුහුණ විවෘත තියාගන්න" යැයි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය තෝමාස් ඩි මෙයිසියරේ පවසයි.
කෙසේ වෙතත්, පාසල් තුළදී, විශ්වවිද්‍යාල තුළදී, හෙද කාර්යයයේදී හෝ රාජ්‍ය සේවයේදී මෙන්ම වාහනයක් පදවන විට මුස්ලිම් කාන්තාවන්ට වේලයකින් සැරසී සිටීමට තවදුරටත් අවස්ථාව පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත්, මෙය නීතියක් බවට පත්වීම සඳහා ඊට පාර්ලිමේන්තු අනුමැතිය හිමිවිය යුතුව තිබේ.