saravita-anim2

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

infographics - timelapse 5093 hours ago

LATEST

වර්ජන රැල්ලත් එක්ක කොවිඩ් රැල්ලක් ඇතිවුණා

calendar_today 2021 අගෝ 05 - 21:25 remove_red_eye - 897  

වර්ජන රැල්ලත් එක්ක කොවිඩ් රැල්ලත් ආරම්භ වුණා. ඒක සාමාන්‍ය දෙයක්. රටේ ජනතාව එන්නත්කරණය කිරීමේ පළමු මාත්‍රාවෙන් පස්සේ සියලුම කොවිඩ් මාර්ගෝපදේශයන් කඩකරලා තමන්ගේ අවශ්‍යතා ඉටුකරගැනීමේ පරමාර්තය කියන න්‍යාය යටතේ දේශපාලන බලාපොරොත්තුවක් ඉටුකර ගන්න මුළු රටේම ජනතාගේ ජීවිතය අමාරුවේ දැම්මා.

ජුලි මස මුලදී කොළඹින් වාර්තා වූ ආසාදිතයන් අතරින් 19.3%ක් වූ ඩෙල්ටා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ජුලි මස අවසානය වන විට සියයට 75ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ඊයේ (04) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 94 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර ති​බේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට 1,885 දෙනෙකු අද (05) හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් පැතිරීම නිසා මිනිසුන් රෝහල්වල මැරී වැටෙන තත්වයක් ඇතිවී ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

Read More

රාජ්‍ය සේවකයන් ආයතන ප්‍රධානීන්ගේ අභිමතය පරිදි සඳුදා සිට සෙනසුරාදා දක්වා සේවා මුර දෙකකට කැඳවිමට නියමිතය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,841 දෙනෙකු අද (05) දිනයේ පිටවගොස් තිබේ.

Read More

මධ්‍යම චීනයේ වුහාන් නුවර යළිත් කොවිඩ් ආසාදන කිහිපයක් වාර්තා වී තිබේ. මේ අනුව වෛරසය පැතිරිම වැළැක්වීම සඳහා නගරයේ සියලුම ජනතාව සිකුරාදාට පෙර කොවිඩ් පරීක්ෂණ සඳහා භාජනය කර අවසන් කිරීමට සැලසුම් කර ඇති බව පළාත් බලධාරීන් ප්‍රකාශ කරයි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳව සිරස ආයතනයේ මාධ්‍ය වේදිනියක් වන තිලක්ෂණී මධුවන්තිගේ සජීවී අත්දැකීමක්.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන සමස්ත කෝවිඩ් 19 මරණ සංඛ්‍යාව 963 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

Read More

කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පවත්වාගෙන යන යුද හමුදා එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් අද දිනය තුළදී අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව හා ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අයට එහි දෙවැනි මාත්‍රාව ලබාගැනීමට අවස්ථාව පවතින බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පැවැසීය.

Read More

කොවිඩ් මාර්ගෝපදේශ අනුව ප්‍රමාණය ඉක්මවා බස් රථ තුළ මගීන් රැගෙන යා නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.

Read More

නියැදි 94ක් සිදුකරන ලද මූලික වාර්තාව සෙනසුරාදා වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වන විට කොවිඩ් රෝගීන් වැඩි පිරිසකට හේතුකාරක වී ඇත්තේ ඩෙල්ටා වෛරස ප්‍ර භේදය බවට එයින් අණාවරණය වී තිබෙනවා.

Read More

ඊයේ (03) දින තවත් කොරෝනා මරණ 82 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර ති​බේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 4,727 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 823 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ති​බේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,543 ක්.

Read More

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ රත්නපුර රෝහල තුළද හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති 1,720 දෙනෙකු අද (04) හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Read More

දැනට අයකරන ගාස්තු ඉතා අධිකවන බැවින් PCR සඳහා රු.6,000/- කටත්, ඇන්ටිජන් පරික්ෂාව සඳහා රු.1,750/- කටත් අඩුකර ගැනීමට එම ආයතනවලට කටයුතු කරන ලෙස මෙම සාකච්ඡාවෙන් පසුව උපදෙස් දෙන ලදී.

Read More

සයිනොෆාම් එන්නත් දෙවන මාත්‍රාව කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලට මේ දක්වා නොලැබීමෙන් පළමු මාත්‍රාව ලබා ගත් බොහෝ පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත් වී ඇතැයි සෞඛ්‍යය කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,754 දෙනෙකු අද (04) දිනයේ පිටවගොස් තිබේ.

Read More

ගාල්ලේ නාගොඩ නිවසේ දී මියගොස් සිටි එකම පවුලේ සැමියා සහ බිරිඳ දෙදෙනා ම කොරෝනා ආසාදිත බව තහවුරු වූයේයැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

Read More

දින තුනක් තුළ ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන් 370761ක් වෙත එහි දෙවැනි මාත්‍රාව ලබාදී තිබේ.

Read More

මීට සති කිහිපයකට පෙරදී දෛනික මණ තිස් ගණනක පැවැතියද එය ක්‍රමිකව වර්ධනය වෙමින් 40, 50, 60 දක්වා පැමිණියේය. මෙම සංඛ්‍යාවද තවදුරටත් වර්ධනය කිරීමක් පෙන්නුම් කරමින් ඊයේ දිනයේදී සිදුවූ බවට අද දිනයේදි තහවුරු කළ මරණ සංඛ්‍යාව 74ක් වෙයි.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 1,017 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ති​​බේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,423 ක්.

Read More

තවත් කොවිඩ් මරණ 74ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇ​ත. ඊයේ දින තහවුරු කර ඇති එම මරණ 74ත් සමග​ම මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,645ක් දක්වා ඉහළගොස් ඇත.

Read More

“මට කොවිඩ් සඳහා ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ දැඩි උපදෙස් මත මම අද එන්නත ලබා ගැනීමට කටයුතු කළෙමි. එන්නත ලබා ගැනීමට අපොහොසත් වුවහොත් නැවත කොවිඩ් රෝගය වැළඳිය හැකි බවත් එය මාරාන්තික විය හැකි බවත් වෛද්‍යවරු මට තරයේ අවවාද කළහ. මගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය අනුව මම ඔවුන්ගේ නියමයට එකඟ වූයෙමි.”

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 1406 දෙනෙකු හදුනාගෙන තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,902 දෙදෙනෙකු අද (03) දිනයේ පිටවගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනය වන විට චීනයේ නිශ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා කෝටියකට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ ලබාදී තිබේ.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 702 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ති​බේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.